2025 ජූනි 21 සෙනසුරාදා, 20:16
නවතම පුවත්

අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය.

“තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය… බෝඩින් කාමර දෙන අය, කඩ සාප්පු කරන අය.. ඒ හැම කෙනාගෙම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවෙලා තියෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් අමෙරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විඳන්නේ. ඒ නිසා මේක හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මේ තත්ත්වය ගැන ප්‍රකාශයන් නොකරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා.”

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories