දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරු වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් මෙලෙස ඉල්ලීම් කෙරේ.
එසේම අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගැනීම හෝ අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසද මාර්ග අධ්‍යක්ෂවරයා ඉල්ලීම් කරයි. අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද ඉල්ලා සිටි.