ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත. 1896 දී ඇතෑන්ස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන ලදී. නමුත් එය දිගටම පවත්වා ගෙන යාමට නොහැකි වූයේ සීමිත කණ්ඩායම් කිහිපයක් පමණක් සිටි නිසා වීම විශේෂත්වයකි. 1900 දී පැරිස් හී පැවිති ඔලිම්පික් උළෙලේදී ප්‍රථම වරට ක්‍රිකට් තරඟය පවත්වා ඇත්තේ එංගලන්තය සහ ප්‍රංශය අතරයි. එහිදී ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමයි. එහෙත් ඉන්පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුළත් වී නොමැත.