2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:58
නවතම පුවත්

දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මේ වන විට මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසන්නේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 25ට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිසම භාර දී ඇති බව ඔහු පැවසුවා.

එමෙන්ම මේ වන විට සියලු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බවත් දිස්ත්‍රික්ක 10කට අදාළව සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විටත් අවසන් කර ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව පොළොන්නරුව, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, හම්බන්තොට, මාතර, මොණරාගල, මාතලේ, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රිකවලට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය අවසන් කර තිබේ.

මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේ මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් වූ පසු මැතිවරණ කොමිසම වෙත භාර දීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව අප්‍රේල් මස 28 වැනි දින අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ වන විට මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ආරක්ෂාව තර කර ඇති බවත් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සියලු ආරක්ෂක විදි විධානයන් යොදවා ඇතැයිද පැවසූ මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේ කොළඹ මහ නගර සභාව මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ පරීක්ෂා කිරීම් සිදුකර ගිනි ගැනීම් ඇති වීම වැළැක්වීම සඳහාද ක්‍රම උපායන් දියත් කර ඇති බවය. එමෙන්ම යම් කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගිනි නිවීමේ රථද සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.

තවද මැතිවරණ කොමිසම දන්වා ඇති පරිදි ඡන්ද පත්‍රිකා මුදණය ආරම්භ කර ඇතැයිද අමතර මුද්‍රණයක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා මැතිවරණ කාර්යාලය විසින් මුද්‍රණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බවත් ඔහු පවසයි.

අමතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහාද මුද්‍රණ දෙපාර්තමේන්තුව සූදානම් කර ඇතැයිද ඒ වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද මුද්‍රණාලයාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories