2026 ජූලි 31 සිකුරාදා, 19:59
නවතම පුවත්

දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මේ වන විට මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසන්නේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 25ට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර මැතිවරණ කොමිසම භාර දී ඇති බව ඔහු පැවසුවා.

එමෙන්ම මේ වන විට සියලු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බවත් දිස්ත්‍රික්ක 10කට අදාළව සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විටත් අවසන් කර ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව පොළොන්නරුව, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, හම්බන්තොට, මාතර, මොණරාගල, මාතලේ, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රිකවලට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය අවසන් කර තිබේ.

මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේ මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් වූ පසු මැතිවරණ කොමිසම වෙත භාර දීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව අප්‍රේල් මස 28 වැනි දින අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ වන විට මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ආරක්ෂාව තර කර ඇති බවත් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සියලු ආරක්ෂක විදි විධානයන් යොදවා ඇතැයිද පැවසූ මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේ කොළඹ මහ නගර සභාව මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ පරීක්ෂා කිරීම් සිදුකර ගිනි ගැනීම් ඇති වීම වැළැක්වීම සඳහාද ක්‍රම උපායන් දියත් කර ඇති බවය. එමෙන්ම යම් කිසි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගිනි නිවීමේ රථද සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.

තවද මැතිවරණ කොමිසම දන්වා ඇති පරිදි ඡන්ද පත්‍රිකා මුදණය ආරම්භ කර ඇතැයිද අමතර මුද්‍රණයක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා මැතිවරණ කාර්යාලය විසින් මුද්‍රණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බවත් ඔහු පවසයි.

අමතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහාද මුද්‍රණ දෙපාර්තමේන්තුව සූදානම් කර ඇතැයිද ඒ වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද මුද්‍රණාලයාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories