දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බවත් අදාළ ආපන ශාලාවන් හි ආහාර අපිරිසිදු වීම සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ගුණාත්මක භාවයෙන් තොරව පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබී ඇති බවත් බස් සංගම් පවසයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, ආහාර පාන ප්‍රශ්නය සහ සෞඛ්‍ය ප්‍රශ්නය වසර ගණනාවක් පුරා මෙය පවතින බවය.
මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල වැඩිමිලට ආහාර සපයන බවට ලද පැමිණිලි හේතුවෙන් එවැනි ස්ථාන වැටලිමට කටයුතු කරන බවයි.