වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා .
අප්‍රේල් 01 වනදා රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කර තිබේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සහ රෝහල්ගත කිරීමෙන් පසු සැකකරු මිය යෑමේ සිදුවීම සම්බන්ධව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) සිට විමර්ශන ආරම්භ කරන ලදි.