2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 16:08
නවතම පුවත්

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 2000ක්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පළාත් පාලන ඡන්දයේදී නීති විරෝධී පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2,000ක් පමණ පිරිසක් බඳවා ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග පැවසීය.

දිවයිනේ ම පොලිස් ස්ථාන 600ක් පමණ තිබෙන බව ත් එම සියල්ලේ ම මාර්තු 21 වන දා සිට මැයි 08 වන දා දක්වා තාවකාලික පදනමින් කම්කරුවන් 1,800ත් 2,000ත් අතර සංඛ්‍යාවක් බඳවාගෙන ඇති බව ත් ඔහු කීවේ ය.

ප්‍රධාන පොලිස් ස්ථානයකට කම්කරුවන් 04ක්, සෙසු පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් තිදෙනෙකු, ග්‍රාමීය පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් බඳවා ගැනීමට අවසර දී ඇති බව ඔහු කීවේය.

එම කම්කරුවන් සඳහා දෛනික වැටුප් ක්‍රමයකින් සකස්කර මාසිකව එය ලබා දෙන බව ත්, වැටුපට අමතරව රජයේ දීමනා හිමිවන බව ත් ඔහු කීවේය.
එක් අයෙකුට දිනකට දීමනා ද ඇතුළත්ව රුපියල් 2000- 3000 අතර වැටුපක් හිමිවන බව හෙතෙම කීවේය.

සෑම ස්ථානයක ම ඇති නීති විරෝධී පෝස්ටර් හා කටවුට් පොලිසිය විසින් කම්කරුවන් යොදවා ඉවත් කරනු ලබන බව ත් ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය වනුයේද මහජන මුදල් ම බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව, අපේක්ෂකයන් ද මැතිවරණ නීතියට අනුගතව ක්‍රියා කිරීම ඔවුන්ගේ යුතුකමක් ලෙස සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

මේ අතර, කිසියම් අපේක්ෂකයෙකු පළාත් පාලන ආයතන සභිකයෙකු ලෙස තේරී පත්වුවද නීති විරෝධී ප්‍රචාරණ, සංග්‍රහ කිරීම්, දූෂිත ක්‍රියා ආදී මැතිවරණ නීති උල්ලංඝණය කර ඇත්නම් එම පත්වීම් අවලංගු වීමට මැතිවරණ වියදම් නියාමන පනත අනුව හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories