2026 මාර්තු 28 සෙනසුරාදා, 15:21
නවතම පුවත්

යළිත් වතාවක් රට අනාරක්ෂිත වෙන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් යම් කෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි නමුත් ආණ්ඩුවක් ලෙස සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩ බැඳී සිටින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

“අන්තවාදය වපුරණ, ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීමේ හැකියාවක් පවතින යම් පුද්ගලයින් පිළිබඳව රජයට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රදේශත් ජනාධිපතිතුමා කිව්වා. අපි හිතන්නේ නෑ ඒ පුද්ගලයින් ඒ ප්‍රදේශවල සිටම කටයුතු කරනවා ඇති කියලා. ඒ ජාලයට සම්බන්ධ අය ගැන විමර්ශන සිදුකරමින් යනවා. එම සැකකටයුතු අය ගැන විමර්ශන කරන එක රජය සතු වගකීමක්. ඒ සියලුදේ කරන්නේ ඒ තනි පුද්ගලයාට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. අනතුරක් වලක්වාගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමර්ග ගන්නවා. දෙයක් සිද්ධ වුනාට පස්සේ තොරතුරු ලැබිලා තිබුණා මුකුත් කළේ නෑ වගේ දේවල් අහන්න උවමනාවක් වෙන්නේ නෑ. ලැබෙන සුළු තොරතුර මත පවා විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විමර්ශන වලින් ඔප්පු වුනොත් එහෙම එකක් නෙමෙයි කියලා ඒ පුද්ගලයා නිදහස් වෙනවා. නැත්නම් ඒකට සම්බන්ධ ජාලය පිළිබඳ විමර්ශන කරනවා. එහෙම තමයි මීට පෙර අර සංචාරක ස්ථානයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරලා අවශ්‍ය අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාව තහවුරු කළේ. ඒ නිසි මම ඔබෙන් ඉල්ලනවා ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා ගන්න එපා. ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදී ක්‍රියා කොයි පැත්තෙන් වුණත් එන්න පුළුවන්. ඒවාට යම් කෙනෙක් ගැන අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමක් සිදු කරනවා නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව ප්‍රශ්න කරාට කමන් නෑ. නමුත් ඒ විමර්ශන කටයුතු වලටත් යන්න ඉඩ දෙන්න. ආණ්ඩුවක් ලෙස අපි සියලු ජනතාවගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරනවා. ඒ ගැන හොඳ විශ්වාසයක් තියනවා කියලා මම හිතනවා. කාටත් අපි හානියක් කරන්නේ නෑ. නමුත් යලිත් වතාවක් රටේ ආනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙලා රටේ ජන ජීවිත අපහසුතාවයට ලක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. “

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories