2026 ජූලි 31 සිකුරාදා, 20:07
නවතම පුවත්

‘චාමර මෙට්ටයක් ඉල්ලා නෑ, ගෙදරින් කෑම තාම අනුමත නෑ’- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිවසින් ආහාර ලබාගැනීමට ඉල්ලීමක් කර ඇතත් මෙට්ටයක් ඉල්ලා නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පැවසීය.

ඒ අනුව, දසනායක මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවස්ථාව දීම හෝ නොදීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානීන් දැනුම් දෙනු ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තමාට පැදුර වෙනුවට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීමක් ගැන පළ වූ මාධ්‍ය වාර්තා ගැන විමසීමේදී ය.

රැඳවියන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට බන්ධනාගාරය යනු බාධකයක් නොවන බව ත් සෞඛ්‍ය ගැටලුවකින් පීඩා විඳින රැඳවියන්ට වෛද්‍ය නිර්දේශ මත පහසුකම් ලබා දෙන බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

සෞඛ්‍ය පහසුකම් යනු මානව හිමිකමක් බව ත් වෛද්‍ය නිර්දේශ මත අදාළ පහසුකම් සැපයීමට බන්ධනාගාර අධිකාරින් බැඳී සිටින බව ත් ඔහු කීවේය.

මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළේ ය.

“මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා නම් වෛද්‍ය නිර්දේශයක් අරගෙන ඒ පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍ය පහසුකම්වලට ළඟා වීමට බන්ධනාගාරය කියන එක බාධාවක් නෙමෙයි. එහෙම මොකක් හරි තියෙනවා නම් අපි වෛද්‍යවරයෙකුට යොමු කරනවා. ඒ සම්බන්ධයෙන් රැඳවියන්ගේ රෝගී තත්ත්වය පරික්ෂා කරලා එම නිර්දේශය ලැබුණ විට අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා කියන්නේ මානව අයිතිවාසිකමක්. එතකොට ඕනෑ ම සිරකරුවෙකුට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් බන්ධනාගාරයෙන් ලබා දෙනවා. ඒක ශල්‍යකර්මයක්, රෝහල්ගත කිරීමක් ඒවගේ ම මෙට්ටයක් දෙන එකත් ඒ වගේ දෙයක්.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories