2025 අගෝස්තු 15 සිකුරාදා, 18:19
නවතම පුවත්

භූ කම්පනයේ මරණ 1000 ඉක්මවයි

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබේ.අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙසය.හමුදා පාලනය හේතුවෙන් දැනටමත් මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින මියන්මාර වැසියන් භූ කම්පනයත් සමග දැඩි පීඩනයට ලක්ව සිටින බව වාර්තා වේ.

භූ කම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයට දැඩි හානි සිදුව ඇත.එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ. මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට නගරයේ ගොඩගැසී ඇති අතර, තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරීගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් පසුකම්පන අවදානම හේතුවෙන් ඇතැම් පිරිස්හට ප්‍රතිකාර සිදු කෙරෙන්නේ රෝහල්වලින් පිටත තබා ගෙනය.ඊයේ පස්වරුවේ දී සිදුවූ ප්‍රධාන භූකම්පනයෙන් පසුව අද උදෑසන කාලය දක්වා මියන්මාරයට පසුකම්පන 14කින් ද බලපෑම් එල්ල වී ඇත.කෙසේ වුවද මියන්මාරයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීම ප්‍රමාදවන අතර, මුදා ගැනීමේ මෙහෙයුම් ද දැඩි අභියෝගකාරී වී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට චීන ආපදා සහන කණ්ඩායමක් මියන්මාරය වෙත ළඟා වී තිබේ.මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය වූ මියන්මාරයේ සගයින් නගරයේ සිට කිලෝමීටර දහසකටත් අධික දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී තිබුණි.ඒ හේතුවෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පැවති මහල් 30කින් යුතු රජයේ ගොඩනැගිල්ලක් කඩාවැටුණු අතර, එහි කම්කරුවන් සියයකට ආසන්න  ප්‍රමාණයක් සුන්බුන් අතර සිරවූහ.

කෙසේ නමුත් භූ කම්පනයේ බලපෑමෙන් තායිලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ ගණන 10කි.මෙම භූකම්පනයේ පසුකම්පන අවධානම මත බැංකොක් නුවර රෝහල්වල සිටි පිරිස් ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරවාරයේ ගැබිණි මවක් බැංකොක් නුවර වීථියක දී දරුවෙකුට ප්‍රසූත කර තිබේ.

මේ අතර මියන්මාර භූ කම්පනය චීනයේ නිරත දිග යුනාන් පළාතට ද දැනී තිබේ.

එමෙන්ම ඉන්දියාවේ කොල්කටා සහ මනිපූර් වෙතත්, වියට්නාමයේ සහ බංග්ලාදේශයේ ඇතැම් පෙදෙස් වෙතත් භූකම්පනයේ බලපෑම් දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories