මාර්ග සංවර්ධන කටයුතු අධීක්‍ෂණය සඳහා කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ මාර්ග සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යන් සිදු කිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප‍්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි කාර්යක්‍ෂමව සිදු කළ යුතු ආකාරය පිළිබඳව පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව අවධානය යොමු වූ බවයි.
එහිදී අධිවේගී ඇතුළු සියලුම මාර්ග හා සංවර්ධන කාර්යන් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ විදුලි, ටෙලිකොම්, ජල සම්පාදන ආදී ආයතන මඟින් සම්බන්ධතා ලබාදීමේදී මාර්ගවලට සිදුවන හානි වළක්වා ගැනීමට සඳහා එම ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මෙන්ම නව තාක්‍ෂණික ක‍්‍රම යොදා ගනිමින් නව ප‍්‍රවේශ හඳුනා ගැනීම සිදුකළ යුතු බවයි