2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:22
නවතම පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් ධර්මසේනගේ අදහස

ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ නීතිවලට අනුකූල විය යුතු බවත්, බදු ගෙවීමට සිදුවුවහොත් එම නීතියට අනුව එසේ කළ යුතු බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන පවසයි.

කුමාර ධර්මසේන, තවදුරටත් අදහස් දක්වමින්,

“මම පෞද්ගලිකව හිතනවා රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට හිස නමන්න ඕන. රටේ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම්…අපි නීතියට එකඟවෙලා නීතිගරුක වෙන්න ඕන.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොතරම් ලැබෙනවාද කියන්න පෞද්ගලිකව මම දන්නේ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාකරන කාලයේ මට හොඳ වේතනයක් ලැබුණා. දැන් විනිශ්චයකාරවරයෙක් ලෙසත් හොද වේතනයක් ලැබෙනවා. මම හිතනවා ජීවත්වීමට හැකි වේතනයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දෙනවා” යැයි පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයන් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා බදු ගෙවීම්වලින් ඔවුන් ඉවත්කරන්න යැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

අදාළ පෙත්සමෙන් නායකයන් දෙපළ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ කරුණු තහවුරුකිරීම සඳහා අද (28) කැඳවීමට නියමිතව ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories