2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:12
නවතම පුවත්

අලුත් අවුරුද්දට කලින් පුද්ගලයන් 50,000කට ‘ටයිපොයිඩ්’ එන්නත

අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන්හි නිරත පුද්ගලයින් 50,000ක් සඳහා ‘ටයිපොයිඩ්’ එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මගින් ය.

මෙරට ‘ටයිපොයිඩ්’ හෙවත් උණසන්නිපාත රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳව වාර්තා වු දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ගෙවුණු කාල පරිච්ඡේදය තුළ ‘ටයිපොයිඩ්’ රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ම ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මූලික කර ගනිමින් සිදුවන බව වසර කිහිපයක සංඛ්‍යා ලේඛන අනාවරණය කර ඇත.

එබැවින් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ සඳහන් කළේ ය.

මෙම එන්නත ලබාගැනීම තුළින් ‘ටයිපොයිඩ්’ රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවදානම ද තුරන් වේ.

මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම ‘ටයිපොයිඩ්’ එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන් ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදා හරින පුද්ගලයින් ඉලක්කගතව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

‘ටයිපොයිඩ්’ රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 03 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකි ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories