2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:48
නවතම පුවත්

තමිම් ට හෘදයාබාධයක් – ක්‍රිකට්ලෝලීන්ට සංවේදී පණිවුඩයක්

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබේ.

“අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට අමතකයි.

මම ඔබ සැමට මගේ හෘදයාංගම කෘතඥතාව සහ ආදරය පිරිනමනවා. කරුණාකර මා සහ මගේ පවුලේ අයවත් ඔබගේ යාච්ඤාවල තබාගන්න” යනුවෙන් දක්වා ඇත.

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (24) පැවති තරගයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තමිම් රෝහල් ගතකරනු ලැබීය.

ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කරනු ලැබීය.

තමීම් රෝහලට රැගෙන යන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව තමීම්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද තහවුරු ක‍ළේය.

වසර 15කට වැඩි කාලයක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩාකළ තමිම් ජාත්‍යන්තර ලකුණු 15,000කට වඩා රැස්කර ඇත.

ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වය යටතේම ශතක 25කට වඩා රැස්කර ඇති තමිම්, අදටත් සියලුම ආකෘතිවලින් ශතක රැස්කළ එකම බංග්ලාදේශ පිතිකරුවාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories