2026 ජූලි 29 බදාදා, 07:57
නවතම පුවත්

සතොස අහෝසි කරන්නේ නෑ-අලුත්ම ප්ලෑන් එකකට.අමාත්‍ය මණ්ඩලය තිරණය කරයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේය.

පහතින් දැක්වෙන්නේ ඊට අදාළ කැබිනට් තීරණයයි

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම

– 1949 අංක 47 දරන සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එහෙත්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතී. එබැවින්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories