ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි. මේ ශුක්‍රාණු මඟින් දරුඵල අහිමි කාන්තාවන් සඳහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහසේ ගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි. එසේම මෙම ශුක්‍ර බැංකුව සඳහා අදාල ශුක්‍ර ධාතු ලබාදීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සඳහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බව ඒ මහතා පැවසීය. එම ධාතු ලබාගත් අය කවුරුන්ද යන්න පිළිබඳව දැනගැනීමට කිසිදු අයකුට අවස්ථාවක් නොලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි. ( දිවයින )