2025 අගෝස්තු 15 සිකුරාදා, 12:56
නවතම පුවත්

මහ බැංකු අධිපතිවරයාගේ අනතුරු ඇඟවීම

පිරමීඩ යෝජනා ක්‍රම වැනි වංචාවන්ට ගොදුරු වන මේ රටේ පුරවැසියන්ගෙන් බහුතරයක් මූල්‍යමය වශයෙන් අධ්‍යාපනය ලබා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලැයිස්තුගත කර ඇති බැංකු සහ මූල්‍ය සමාගම් විසින් සපයනු ලබන නව තාක්‍ෂණිකව වැඩිදියුණු කළ සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා. දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.

“ප්‍රධාන වශයෙන් ඔය ඩිජිටල්කරණයේ තියෙන සමහර අහිතකර දේවල් වෙන්න ප්‍රධාන හේතුවක් තමා තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ආර්ථිකය සම්බන්ධ සාක්ෂරතාවය නොමැතිවීම. එහෙම වුණාම තමන්ගේ මූල්‍ය ගනුදෙනු සහ ආර්ථික කටයුත්තකදී සාක්ෂරතාවය අඩු නිසා වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ බැංකුවෙන් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනවාත් සමගම මූල්‍ය සාක්ෂරතාවය ගැනත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.”

නවතම පුවත්

lohan poast
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohan poast
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohan poast
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories