2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:34
නවතම පුවත්

මහ බැංකු අධිපතිවරයාගේ අනතුරු ඇඟවීම

පිරමීඩ යෝජනා ක්‍රම වැනි වංචාවන්ට ගොදුරු වන මේ රටේ පුරවැසියන්ගෙන් බහුතරයක් මූල්‍යමය වශයෙන් අධ්‍යාපනය ලබා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලැයිස්තුගත කර ඇති බැංකු සහ මූල්‍ය සමාගම් විසින් සපයනු ලබන නව තාක්‍ෂණිකව වැඩිදියුණු කළ සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා. දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.

“ප්‍රධාන වශයෙන් ඔය ඩිජිටල්කරණයේ තියෙන සමහර අහිතකර දේවල් වෙන්න ප්‍රධාන හේතුවක් තමා තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ආර්ථිකය සම්බන්ධ සාක්ෂරතාවය නොමැතිවීම. එහෙම වුණාම තමන්ගේ මූල්‍ය ගනුදෙනු සහ ආර්ථික කටයුත්තකදී සාක්ෂරතාවය අඩු නිසා වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ බැංකුවෙන් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනවාත් සමගම මූල්‍ය සාක්ෂරතාවය ගැනත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories