2026 ජූලි 31 සිකුරාදා, 15:35
නවතම පුවත්

නකල්ස් සුවයට ඩොලර් මිලියන 49ක්

ඇමරිකන් ඩොලර් මිලියන 49ට ආසන්න මුදලක ව්‍යාපෘතියක් මගින් ලෝක උරුම නකල්ස් වැසි වනාන්තර ජාලයේ අවදානමට ලක්විය හැකි ගංගා ද්‍රෝණි සහ පහළ නිම්න සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.

එම ව්‍යාපෘති අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් චන්ද්‍රිකා වී. ඇතුගල මහත්මිය පැවැසුවේ 2029 දක්වා ක්‍රියාත්මක කෙරෙන දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල දිස්ත්‍රික්ක 06ක් ආවරණය කෙරෙන ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.

ව්‍යාපෘතිය යටතේ කාර්යක්ෂම ජල කළමනාකරණය, ග්‍රාමීය වැව් 150 ක් ප්‍රතිසංකරණය සහ භූගත ජල මට්ටම ඉහළ නැංවීම, දේශගුණ වෙනස්වීම් සහ විපර්යාසවලට ප්‍රතිචාර ලෙස හෙක්ටයාර් 411564 වනාන්තර ආරක්ෂා කිරීම, වැඩි දියුණු කිරීම, හෙක්ටයාර් 130943 ක් සඳහා වාරි ජල පහසුකම් වැඩි දියුණු කිරීම ආදියට පියවර ගෙන ඇත.

පාංශු ඛාදනය සියයට 50 අඩු කර මොරගහකන්ද, කළුගඟ ඇතුළු මහ වාරි පද්ධතිවල තැන්පත් වන රොන් මඩ ප්‍රමාණය අවම කිරීම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. හෙක්ටයාර් 15000 සංරක්ෂිත වනාන්තරවල තත්ත්වය වැඩි දියුණු කිරීම, ස්වාභාවික වර්ෂාව ඇති කිරීමට ප්‍රබල සාධකයක් වන වලාකුළු ග්‍රහණය කර ගැනීම ව්‍යාපෘතිය මගින් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.

වනාන්තර සහ වනජීවි කලාප ලෙස හෙක්ටයාර් 58000 සංරක්ෂණය කිරීම මධ්‍යම- වයඹ සහ උතුරුමැද ආවරණය කෙරෙන ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ව්‍යාපෘතිය යටතේ පවුල් ලක්ෂ 20ට පමණ ප්‍රතිලාභ ලැබෙන බව අතිරේක ලේකම් චන්ද්‍රිකා වී. ඇතුගල මහත්මිය පැවැසුවාය.

හරිත දේශගුණ අරමුදල ඩොලර් මිලියන 39.77ක් සහ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 9.2ක් දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට සපයයි. හරිත දේශගුණ අරමුදල, සොබාදහම් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය, කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය දක්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories