අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇඟිලි සටහන් දස ලක්ෂයක ප්‍රමාණයක් විමර්ශන සඳහා මේ වනවිටත් පරිගණක ගතකර ඇත.
විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක එම ඇඟිලි සටහන් ලබාගත හැකි බව අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා පැවසීය.
මෙම ඇඟිලි සටහන් 1914 සිට සටහන් වී තිබෙන අතර මුල්ම ඇඟිලි සලකුණ ‘දවපයා’ නමැති පුද්ගලයාගේය. 1924 වර්ෂයේදී මුල්වරට කාන්තාවකගේ ඇඟිලි සලකුණ ලබාගෙන තිබේ. ඒ සොරකමක් සම්බන්ධයෙනි. එසේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇත්තේ මීනච්චි නමැති දෙමළ කාන්තාවක ගෙනි.
මේ වනවිට පරිගණකයේ ගබඩාකර තිබෙන ඇඟිලි සලකුණු පරීක්ෂණ සඳහා ස්වයංක්‍රීය ක්‍රමයට ඒ මොහොතේම ලබාගැනීමට හැකි බව පොලිසිය කියයි.
මේ අතර ඉන්දියාව, ඩුබායි වැනි රටවල සිටින ශ්‍රී ලංකාවේ අපරාධකරුවන්ට අමතරව කැනඩාව, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපීය රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් ද මෙරට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය මට්ටමෙන් කතාබහ සිදුකර ගෙන යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය