ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ‘MURASAME’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙන අතර
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ එම නෞකාව අද (22) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇත.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් HAYAKAWA Masahiro කටයුතු කරනු ලබන අතරම මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200ක ගෙන් සමන්විතය.
මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නැවේ කාර්යමණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇත.
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘MURASAME’ නෞකාව එළැඹෙන අඟහරුවාද (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.