චීනයේ නැංජින් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (22) පැවැති මීටර 60 කඩුළු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නදුන් කවීෂ සමත්විය. 4වන මූලික තරගයට (Heat 4) සහභාගි වූ නදුන් සිය ඉසව්ව තත්. 7.87කින් අවසන් කිරීමට සමත් විය. ඔහුට එහිදී 5වන ස්ථානය හිමිවිය.
කෙසේ නමුත් ඔහු තරගය අවසන්කළ කාලය මූලික වටයේ තරග අවසානයේදී පළමු ක්‍රීඩකයන් 24 අතර රැඳීමට හේතු වූ බැවින් ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වරම් හිමි වූ අතරම අවසන් පූර්ව තරගය මෙරට වෙලාවෙන් අද (22) ප.ව. 5.20ට ආරම්භ වීමට නියමිතය.