කටාන උතුර ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අද (19) පෙ.ව. 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම විසන්ධි කිරීමට පියවර ගන්නා බව මණ්ඩලය නිවේදනය කළේය.
එබැවින්, බම්බුකුලිය, මුරුතන, කටාන උතුර, කටාන බටහිර, කටාන නැගෙනහිර, උඩන්ගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවරිප්පුව, ඉහළ කඩවල, පහළ කඩවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, අඩික්කණ්ඩි, එට්ගල, එට්ගල දකුණ, මහ ඇත්ගල සහ නැගෙනහිර කළුවරිප්පුව යන ප්‍රදේශවලට අදාළ කාලය සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනිමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.