2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:34
නවතම පුවත්

ගණේමුල්ල සංජීව උසාවි ගෙනා බූස්සේ ජේලර් රිමාන්ඩ්

කොළඹ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මෙම මස 21වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (මාර්තු 17) නියෝග කළේ ය.

මනෝජ් උදය ශාන්ත නමැති සැකකාර ජේලර්වරයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුගේ ජංගම දුරකතන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණයෙන් නියම විය.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකාර ජේලර්වරයා ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

ගණේමුල්ල සංජීව නමැත්තා මෙම ජේලර්වරයාගේ භාරකාරත්වය යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන විත් ඇති නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකකාර ජේලර්වරයා කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවට සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වන බව ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

සැකකාර ජේලර්වරයාගේ නොසැලකිලිමත්කම මත මෙම ඝාතනය සිදුව ඇති බව ත් සිය වගකීම හා රාජකාරිය පැහැර හැරීම හේතුකොටගෙන මෙම ඝාතනය සිදුව තිබෙන බවට තොරතුරු අනාවරණය වන බව ත් එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories