නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් අද (17) පෙරවරුවේ ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්රතිකාර ලබමින් සිටි.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.