2025 අගෝස්තු 15 සිකුරාදා, 12:21
නවතම පුවත්

සාපෙළ විභාග කාලෙදී ආපදා කළමනාකරණයට වැඩපිළිවෙළක්

සාපෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ සිදුවිය හැකි අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වා ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

එහිදී යම් සිදු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020/ 0113 668 100 / 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත ඇමතිය හැකිය.

මීට අමතරව විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories