2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:40
නවතම පුවත්

වැලිවේරිය වෙඩිතැබීමත් සංජීව ඝාතනයට පලිගැනීමක් ?

වැලිවේරියේ ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ නමුත් එම තරුණයාට මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

පොලීසිය සැක කරන්නේ ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවය.

වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණු අතර එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙක්ය.

සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී ඇත. එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබෙන අතර වෙඩි ප්‍රහාරය ඔහුගේ අතකට එල්ල වී ඇති අතර, බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories