2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:00
නවතම පුවත්

ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කළ මගියෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම හේතුවෙන් අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි 65 හැවිරිදි අයෙකු වන අතර මොහු අද අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර තිබේ.

ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙත ලිංගික අඩන්තේට්ටම් කිරීමට ද ඔහු තැත් කර ඇති අතර පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබඳව, ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ දැනුවත් කිරීම අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගුවන් මගියාව පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories