ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම සඳහා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 712 ක් මේ වනවිට අයැදුම්පත් එවා ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවැසීය.
“ස්ථාවර රටකට සැවොම එක මගකට“මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය වයස අවුරුදු 45 ට අඩු පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ලිඛිත විභාගයක්ද, වයස අවුරුදු 45 ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පැවසුවේය.
පසුගිය වසර දෙකක කාලය තුළදී පාරම්පරික වෛද්‍යවරු 552 ක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇතැයිද ඔහු පැවසීය.
පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අත්හිටුවා තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජය තුළ මේ දිනවල පැතිර යමින් ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. අයැදුම්පත් යොමුකරන ලද පාරම්පරික වෛද්‍යවරුන්ගේ විභාගය ඉදිරි සති කීපය තුළදී පවත්වන බවද ඔහු කියා සිටියේය.