උතුරු දුම්රිය මාර්ගයේ අද (09) දුම්රිය ගමන්වාර 2ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදෑසන 8.20ට මහව හංදිය දක්වා පිටත් වන දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50ට පිටත් දුම්රිය එලෙස අවලංගු කර ඇති බවයි.