2026 ජූලි 31 සිකුරාදා, 20:50
නවතම පුවත්

ජාත්‍යන්තර කාන්තා දිනය අද

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි.

කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය.කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000කට වැඩි පිරිසක් එක්වී තිබේ.කෙසේ වෙතත් පළමුවරට කාන්තා දිනය සැමරූ බවට නිල වශයෙන් වාර්තා වන්නේ 1909 වසරේ පෙබරවාරි මස 28 වනදා ය.

සමාජ ක්‍රියාකාරිනී තෙරේසා මල්කියෙල්ගේ යෝජනාවක් මත අමෙරිකානු සමාජවාදී පක්ෂය නිව්යෝර්ක් නුවරදී එලෙස කාන්තා දිනය සමරා තිබේ.කෙසේ නමුත් එය ජාතික සැමරුමක් පමණක් වුණි.පළමුවරට ජාත්‍යන්තර වශයෙන් කාන්තා දිනයක් සමරා ඇත්තේ 1911 වසරේ මාර්තු 19 වනදා ය.ඒ කාන්තාවන්ට සම අයිතිය හිමිවිය යුතු බවට එවක යුරෝපයේ ඇතිවූ මතවාද මුල්කරගනිමිනි.

එදින ඩෙන්මාර්ක, ඔස්ට්‍රියානු, ජර්මානු සහ ස්විට්සර්ලන්ත කාන්තාවන් මිලියන ගණනක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරූ බවට වාර්තාවල සඳහන්ය.ඊට සමගාමීව ඔස්ට්‍රියාවේ සහ හන්ගේරියාවේ පමණක් සම කාන්තා අයිතීන් ඉල්ලමින් පැවැත්වුණු විරෝධතා ගණන 300 ඉක්මවයි.

කාන්තාවන්ට ඡන්ද අයිතිය සහ රජයේ තනතුරුවල සේවය කිරීමේ අයිතිය ඉල්ලමින් ද මේ සමයේ යුරෝපය පුරා විරෝධතා පැවැත්වුණි.ඒ අදාළ කාලවකවානුව කාන්තා අයිතීන් පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වුණු කාල සීමාවක් වීම හේතුවෙනි.

කෙසේ වුවද ඒ වනවිටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිශ්චිත දිනයක් තීරණය වී තිබුණේ නැත.ඒ අනුව, යෝජනා වී තිබුණේ පෙබරවාරි මස අග භාගයේ දී හෝ මාර්තු මස මුල දී කාන්තා දිනය සැමරිය යුතු බවය.

ඒ අනුව, 1914 වසරේ මාර්තු මස 08 වනදා ජර්මනියේදී ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය.එදින ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත්තේ මාර්තු 8 වනදා නිවාඩු ඉරිදා දිනයක් වීම හේතුවෙනි.එහෙත් 1967 වසර වන තෙක් කාන්තා අයිතීන් හෝ කාන්තා දින සැමරුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවී නොමැත.

1970 සහ 80 දශකයේ නැවතත් කාන්තා අයිතීන් දෙසට අවධානය යොමු වුයේ සම වැටුප් ඇතුළු සම කාන්තා අයිතීන් වෙනුවෙන් සහ කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් හඬ නැගීම හේතුවෙනි.මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ද අවධානය යොමුවූ අතර ඔවුන් පළමුවරට ජාත්‍යන්තර දිනය සැමරුවේ 1975 වසරේ දී ය.

1977 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.එමෙන්ම ඔවුන් මාර්තු 8 එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමටත් කටයුතු කළේය.

මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරව පිළිගැනුනේ ඉන් පසුවය.එතැන් පටන් එක්සත් ජාතීන් ඇතුළු රටවල් ගණනාවක සෑම වසරකම විවිධ ජාත්‍යන්තර තේමාවක් පදනම් කර ගෙන කාන්තා දින සැමරුම් සිදුකරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories