2026 ජූලි 29 බදාදා, 13:27
නවතම පුවත්

අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක්

                                                                                                                                                                                                                                                                                                                            මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගා කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව, අක්කර 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයෙත් ඉතිරි අක්කර 20,000 අනෙකුත් ප්‍රදේශවල පොල් වගා කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

පොල් වගාව වැඩිදියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5 ක් මෙම වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

තව ද, දැනට රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න් මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් පොල් වගාව සඳහා මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීම සිදුකරමින් පවතින බව ත් එමගින් අක්කර පහට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව ත් ඔහු පැවසීය.

ඒ අනුව, එම මිශ්‍රිත පොහොර, වෙළඳපොළ මිල ආසන්න වශයෙන් රුපියල් 9,500ක් වන කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට මේ මාසය අග වන විට රටපුරා සිටින පොල් වගාකරුවන්ට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories