2025 අගෝස්තු 15 සිකුරාදා, 16:19
නවතම පුවත්

ට්‍රම්ප් 13 හැවිරිදි දරුවෙක් ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට පත්කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 13 හැවිරිදි පිළිකා රෝගී දරුවකු වන ඩීජේ ඩැනියෙල් (Devarjaye Daniel) අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ගෞරවනීය නියෝජිතයකු ලෙස ප්‍රකාශයට පත්කළේය.

ඊයේ කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරය අමතමින් ට්‍රම්ප් පැවසුවේ, යෞවනයාගේ කැමැත්ත, ධෛර්යය සහ අධිෂ්ඨානය ගැන ප්‍රශංසා කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී ගැලරියේ අසුන්ගෙන සිටි ඩීජේ ඩැනියෙල්ගේ පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනය ගැන ද සඳහන් කළේය.

එමෙන්ම ට්‍රම්ප් ඩීජේගේ මොළයේ පිළිකාවට එරෙහිව සටන් කිරීමේ සහ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑකර ගැනීමේ බලාපොරොත්තුව කිසිවිටෙකත් නැතිකර නොගත් ආකාරය විස්තර කළේය.

“ඔහු නිතරම පොලිස් නිලධාරියකු වීමට සිහින මැව්වා” ට්‍රම්ප් පැහැදිලි කළේය. “නමුත් 2018 දී DJ ට මොළයේ පිළිකාවක් ඇති බව හඳුනාගත්තා”

“වෛද්‍යවරු ඔහුට ජීවත් වීමට උපරිම වශයෙන් මාස පහක් ලබාදුන්නා. ඒ මීට වසර හයකට වැඩි කාලයකට පෙරයි. එතැන් සිට DJ සහ ඔහුගේ පියා ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමේ ගවේෂණයක යෙදී ඉන්නවා.” ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.

“පොලිස් දෙපාර්තමේන්තුව ඔහුට ආදරෙයි. අද රාත්‍රියේ, DJ, අපි ඔබට ඔවුන් සියල්ලටම වඩා ලොකුම ගෞරවයක් කරනවා. ඔබව නිල වශයෙන් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයකු බවට පත්කරන ලෙස මම අපගේ නව රහස් සේවා අධ්‍යක්ෂ ෂෝන් කුරන්ගෙන් ඉල්ලා සිටිනවා, ” යනුවෙන් ට්‍රම්ප් පැවසීමත් සමග ඩීජේ ඩැනියෙල් සමග අසුන් ගෙන සිටි ඔහුගේ පියා සියල්ලන්ට ඔහුව ඔසවා පෙන්වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories