නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන දුම්වැටි තොගයක් සමග කාන්තාවන් දෙදෙනකු අද (04 )දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය රැගෙන ඒම සදහාම , සංචාරක වීසා යටතේ ඩුබායි බලා ගොස් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා අතරින් එක් අයෙකු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි කාන්තාවක් සහ අනෙක් තැනැත්තිය නාරම්මල ප්‍රදේශයේ පදිංච් 23 හැවිරිදි තරුණියකි.