2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:38
නවතම පුවත්

ගණේමුල්ල සංජීවගේ ඝාතකයාගෙන් තවත් අපරාධයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත.

මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නම් වූ මෙම සැකකරුය.

ඔහුව මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories