2025 ජූනි 21 සෙනසුරාදා, 17:56
නවතම පුවත්

මාර්තු 05 සිට රට පුරා රෝහල්වල ඒකාබද්ධ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මාර්තු 05 සිට පුරා රෝහල්වල ඒකාබද්ධ වර්ජනයක් සිදු කිරීමට සූදානම් බවයි.

මේ පිලිබදව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ,

” නලින්ද මේ වර්ජනය ගණන් ගන්නැතුව වගේ ඉන්නවනම්, ඒකට හේතුව නලින්ද ගනන් දන්නේ නැති නිසා වෙන්න පුළුවන්

නලින්ද පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන්ගේ වැටුප් ගණන් කිව්වේ වැරදියට. නලින්ද හෙද සේවාවේ වැටුප් ගැන විනාඩි විස්සක් කතා කළේ බොරු ගණන් කියමින්. මේ වර්ජනයට විරුද්ධ කණ්ඩායමේ ප්‍රමාණය ගැන නලින් දිගේ ගානත් වැරදියි. මේ විදිහට ගත්තහම දිගින් දිගටම නලින්දට ගණන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒ නිසාම මේ අර්බුදය ගණන් ගන්නැතුව වෙන්න පුළුවන්. හැබැයි සමස්ත සෞඛ්‍ය සේවාවම එළියට බැහැලා තමන්ගේ අනන්‍යතාවය ඉල්ලන මේ අරගලය, නලින්දට සහ ආණ්ඩුවට ගණන් ගන්නම වෙනවා.

දීමනා කප්පාදුව නිවැරදි කරන්න නලින්ද ඉල්ලපු කාලය ඉවරයි.

සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් නැති නිසා, 2025.03.06 දින උදේ 8 සිට සංකේත වැඩ වර්ජනයක්.

සෞඛ්‍ය වෘත්තයවේදීන් ඉලක්ක කර ගනිමින් නිවැරදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාවය එසේම තිබියදී, ඔවුනට ලබා දී ඇති දීමනා කප්පාදු කිරීම බරපතලයි. එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහජනතාව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසි ගැන්වීමට උත්සාහ කරනවා.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා, එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, වෘත්තීසමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැණුම් දෙමු.”

එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ළමා රෝහල්, පීළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හී ක්‍රියාත්මක නොවන අතර හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories