2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:14
නවතම පුවත්

අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රය අගමැතිනිය අතින්

දෙබත්ගම ශ්‍රී සෝමරතන තිස්ස නාහිමිපාණන් වෙත අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රය අගමැතිනිය අතින් පිරිණමයි

ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රි ඉන්දජෝති වංශාවලංකාර ශ්‍රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය පිරිණැමීම මාර්තු 02 දින පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී සිදු කෙරිණ.

අනුනායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් රචිත ආශිංසන ග්‍රන්ථ පිරිණැමීම සම්පාදක ස්වාමීවහන්සේලා විසින් සිදු කළහ. අනතුරුව අනුනායක පදවිය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය පිරිණැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළාය.

විජිනිපත පිළිගැන්වීම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි විසින් සිදු කළ අතර ප්‍රසාද පූජා පැවැත්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර,නන්දන මිල්ලගල ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ දායක සභාවේ සාමාජිකයින් විසින් සිදු කළේය.

බුදු දහමෙි චිරස්ථිතිය වෙනුවෙන් දෙබත්ගම සෝමරතන තිස්ස නායක හිමියන් විසින් සිදු කළ මෙහෙය ඇගයීමට ළක් කළ අග්‍රාමාත්‍යතුමිය ඉදිරි ශාසනික මෙහෙවර වෙනුවෙන් ශුභාශිංසන මෙහිදී පිරිණැමීය.

අමරපුර මූලවංශික පාර්ශවයේ මහා නායක අහුංගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් ප්‍රධාන මහාසංඝරත්නය, මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories