2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:25
නවතම පුවත්

සෞඛ්‍ය විෂය විවාදය දා හෙද හෙදියන් උද්ඝෝෂණයකට සැරසෙයි

අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව අයවැය සෞඛ්‍ය විෂය විවාදය පැවැත්වෙන ලබන 6 වැනිදා රට පුරා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට රජයේ හෙද නිලධාරීන් සුදානම් වේ.

කනිෂ්ඨ හෙද නිලධාරියකුගේ මාර්තු මස වැටුපට වඩා අප්‍රේල් මාසයේදී වැටුප රුපියල් 872ක් අඩු වී ඇති අතර අතිකාල දීමනා කප්පාදුව හරහා කනිෂ්ඨ හෙද නිලධාරියකු ට රුපියල් 6500 කප්පාදුවක් සිදු කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

අප්‍රේල් මාසයේදී නිවාඩු දින දීමනාව ලෙස එක් දිනකට ලැබෙන්නේ රුපියල් 1600ක් වුවද සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නේ එය රුපියල් 1831ක් ලෙස බවත් එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
ආරම්භක හෙද නිලධාරියෙක් වර්තමානයේ අවුරුදු 5න් ගිය පළමු උසස්වීම අයවැය යෝජනා මගින් වසර 10 ක් දක්වා දීර්ඝ කර ඇත.
මේ අාකාරයට සිදුකරන කප්පාදුව නිවැරදි කරන ලෙස ඉල්ලූ විට සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී බරපතළ ලෙස බොරු කියමින් ජනතාව නොමග යවන බවද හෙතෙම කීවේය. හෙද නිලධාරයකුගේ දළ වැටුප වර්තමානයේ රුපියල් 104481ක් බවට ඇමැතිවරයා ප්‍රකාශ කළද එයද සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවද ඔහු කීය.
“කනිෂ්ඨ හෙද නිලධාරයකුගේ දීමනා සහිත වැටුප රුපියල් 63825කි. 2025 අප්‍රේල්වල මූලික වැටුපට සාපේක්ෂව පැයක අතිකාල දීමනාව රුපියල් 350කි. නමුත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ එය රුපියල් 290ක් බවයි. එයද බොරුවකි. මෙවැනි බොරු කියනවා වෙනුවට සත්‍ය උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට අයවැය සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර නීත්‍යනුකූලව එය අනුමත කර නිවැරදි ලෙස අයවැය සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකර හෙද සේවාව ජනතා අප්‍රසාදයට පත් කරන ආකාරයේ කතා සිදු කරමින් ප්‍රශ්නයට විසඳුමක් නොදීම නිසා සෞඛ්‍ය වැය ශීර්ෂය විවාද කරන මාර්තු 6 දින රටපුරා පිහිටි සියලු රෝහල්වල දැවැත්ත විරෝධතාවයන් ක්‍රියාත්මක කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා යැයිද ඔහු කීය.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories