රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ අද (03) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන් වේ.
එහිදී කිලෝග්‍රෑම් 197කට අධික කේරල ගංජා තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් හා කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කරෙයිනගර් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසුවේය.