2025 ජූනි 21 සෙනසුරාදා, 17:40
නවතම පුවත්

‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය ව්‍යවස්ථාව කඩලා’- කෝප් කමිටුවේදී රෙදි ගැලවේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වී ඇත.
එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවූ අවස්ථාවේ කරුණු හෙළි වූ අතර වහා ම එකී සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙසට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර එම කාර්යාංශයට නියෝග කළේ ය.
නිවැරැදි ලෙස කටයුතු නොකළ විදේශ රැකියා ඒජන්සි පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර එසේ නිවැරැදිව කටයුතු කර නැති විදේශ රැකියා ඒජන්සි වහා ම ආයතනයෙන් ඉවත් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේ ය.

පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා සහ කමිටුවේ මන්ත්‍රිවරු එම කාර්යාංශ නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළහ.
විදේශ රටවලට රැකියා සඳහා පිටව ගිය අය පිළිබඳව ඇතැම් නිවැරැදි දත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොමැති බවට මෙහිදී කරුණු හෙළිවූ අතර ඒ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට එල්ල විය.

එම කාර්යාංශ නිලධාරීන් කෝප් කමිටුවට ඉදිරිපත් කළ ඇතැම් දත්ත පිළිබඳවද මෙහිදී ගැටලු මතුවූ අතර නිවැරැදි දත්ත ඉදිරිපත් නොකළ බවට තහවුරු වුවහොත් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද කමිටුවට එම නිලධාරීන් කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.
විදෙස්ගතවූවන් පිළිබඳව හා කාර්යාංශයට අදාළ කාරණා පිළිබඳව අසන ලද පැනයකදී එහි සාමාන්‍යාධිකාරිවරයා ‘තම ලැප්ටොප් පරිගණකය ගෙනාවේ නැතැයි’ පැවැසූ අවස්ථාවේ කෝප් කමිටු සාමාජික අසිත නිරෝෂණ මන්ත්‍රිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ඔහු ලක්විය.

‘මහත්තයෝ මේක ‘කෝප්’ කමිටුව ඉදිරියේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා’ මේ ස්ථානයට එද්දී සියලු දේ අරගෙන එන්න යනුවෙන් දැඩි ලෙස පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුළුමනින් ම එම ආයතනයේ වගකීම් පැහැරහැර ඇති බවද එම කාර්යාංශය සිදුකර ඇත්තේ මිනිස් ජාවාරම බව ද කෝප් කමිටු මන්ත්‍රිවරු මෙහිදී දැඩි අප්‍රසාදයකින් එම කාර්යාංශ නිලධාරීන්ට පැවැසූහ.

එම නිසා එම කාර්යාංශයේ වැරැදි තීන්දු තීරණ ගත් අය පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නියෝග කළේ ය.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තම කාර්යභාරය පැහැරහැර ඇති බවද මෙහිදී කෝප් කමිටු මන්ත්‍රිවරු පැවැසූහ.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories