2025 අගෝස්තු 16 සෙනසුරාදා, 16:01
නවතම පුවත්

බස්නායක නිලමේ නෝනාගේ ගණිකා නිවාසයේ සිද්ධිය පොලිසිය යටගහලා

මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමේවරයකුගේ බිරිඳ විසින් අනිවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවෙි ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

මෙම පාර්ශවවලට ලිපි යොමුකරමින් උන්වහන්සේ මෙසේ සඳහන් කර ඇත.

‘දේවාලවල සමහර බස්නායක නිලමේවරුන් පිළිබඳව විවිධ විෂමාචාර චෝදනා මෙන්ම ඔවුන්ගේ බිරියන්ගේ නොමනා හැසිරිම් නිසා බස්නායක නිලමෙ යන නාමයටත් මේ වනවිට දැඩි ලෙස හානි සිදුවි තිබේ.

මහනුවර පැත්තේ පිටිසර දේවාලයක බස්නායක නිලමේවරයකු මෙන්ම ඔහුගේ බිරිය පොලිසියට බලපෑම්කළ සිදුවිමක් මෑතකදි අසන්නට ලැබුණු අතර එය ජනමාධ්‍යයෙන්ද ප්‍රචාරය විය.

එසේම මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමෙවරයකුගේ බිරිඳ අනිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටළුවේ මීට මාස දෙකතුනකට පෙරදිය. එහිදි බස්නායක නිලමේගේ බිරිඳ ඇතුළු කාන්තාවන් දසදෙනකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මෙම බස්නායක නිලමේවරයාගේ බලපෑම මත පොලිසිය මෙම සිද්ධිය යටගසා තිබේ. නිීතිය කාටත් සමාන නම් බස්නායක නිලමේලාට හා ඔවුන්ගේ බිරියන්ට රටේ වෙනම නීතියක් තිබිය නොහැකිය. මෙම සිද්ධින් හමුවේ සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගෙ සංගමයද මුනිවත රකිනු පෙනේ. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories