2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:51
නවතම පුවත්

බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

රට තුළ තිබෙන සියලු බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ඔස්සේ බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීවගේ සිද්ධියෙන් පසුව වීමද විශේෂත්වයකි.

ඒ අනුව දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග (ජෑමර්) නවීකරණය කිරීම ද ඇතුළත් ය.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර තුළ මේ වනවිටත් ජෑමර් සවිකර තිබුණත් ගොඩනැගිලිවල ස්වභාවය අනුව දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන් අවහිර කිරීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

ඒ අනුව ජෑමර් ඇතුළු ආරක්ෂක ක්‍රමවේද විධිමත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

දැනට සවිකර ඇති ජෑමර්වල අඩුපාඩු හේතුවෙන් බන්ධනාගාර තුළ සිටින රැඳවූවන් දුරකථන සම්බන්ධතා ඔස්සේ බාහිර පාර්ශ්වයන් සමග ඇති කරගෙන තිබෙන සබඳතා වර්ධනය වී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ ඔස්සේ බන්ධනාගාර තුළ සිටිමින් රැඳවූවන් සිය මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රිසිසේ සිදුකරගෙන යන බවද වාර්තා වෙයි.

විශේෂයෙන් බූස්ස වැනි විශේෂ ඝනයේ සැකකරුවන් රඳවා සිටින බන්ධනාගාර තුළින් ද වරින් වර ජංගම දුරකථන සොයාගැනීම් වාර්තා වුණි.

ඒ තුළින් සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරක්ෂිතව සිය අපරාධ ජාලය මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවද නොරහසකි.

රට තුළ බන්ධනාගාර 28ක් පවත්වාගෙන යන අතර ඉන් 10ක් එළිමහන් බන්ධනාගාර වෙයි.

එම බන්ධනාගාර 28 තුළ රඳවා සිටින සමස්ත රැඳවූවන් සංඛ්‍යාව 29,500කි. ඉන් 1,200ක් කාන්තා රැඳවියන් බව වාර්තා වෙයි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories