2026 ජූලි 29 බදාදා, 22:51
නවතම පුවත්

බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

රට තුළ තිබෙන සියලු බන්ධනාගාර තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ඔස්සේ බන්ධනාගාර තුළ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීවගේ සිද්ධියෙන් පසුව වීමද විශේෂත්වයකි.

ඒ අනුව දුරකථන සම්බන්ධතා අවහිර කිරීමේ උපාංග (ජෑමර්) නවීකරණය කිරීම ද ඇතුළත් ය.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර තුළ මේ වනවිටත් ජෑමර් සවිකර තිබුණත් ගොඩනැගිලිවල ස්වභාවය අනුව දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන් අවහිර කිරීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

ඒ අනුව ජෑමර් ඇතුළු ආරක්ෂක ක්‍රමවේද විධිමත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

දැනට සවිකර ඇති ජෑමර්වල අඩුපාඩු හේතුවෙන් බන්ධනාගාර තුළ සිටින රැඳවූවන් දුරකථන සම්බන්ධතා ඔස්සේ බාහිර පාර්ශ්වයන් සමග ඇති කරගෙන තිබෙන සබඳතා වර්ධනය වී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ ඔස්සේ බන්ධනාගාර තුළ සිටිමින් රැඳවූවන් සිය මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රිසිසේ සිදුකරගෙන යන බවද වාර්තා වෙයි.

විශේෂයෙන් බූස්ස වැනි විශේෂ ඝනයේ සැකකරුවන් රඳවා සිටින බන්ධනාගාර තුළින් ද වරින් වර ජංගම දුරකථන සොයාගැනීම් වාර්තා වුණි.

ඒ තුළින් සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරක්ෂිතව සිය අපරාධ ජාලය මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවද නොරහසකි.

රට තුළ බන්ධනාගාර 28ක් පවත්වාගෙන යන අතර ඉන් 10ක් එළිමහන් බන්ධනාගාර වෙයි.

එම බන්ධනාගාර 28 තුළ රඳවා සිටින සමස්ත රැඳවූවන් සංඛ්‍යාව 29,500කි. ඉන් 1,200ක් කාන්තා රැඳවියන් බව වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories