චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙසත්, අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්යක්ෂ ලෙසත් පත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිකුත් කරන ලද පත්වීම් ලිපි මගින් ඔවුන් දෙදෙනා පත් කරන ලදී.
පළපුරුදු මාධ්‍යවේදියෙකු වන චන්දන සූරියබණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ වසර 30 කට වැඩි කාලයක් කීර්තිමත් වෘත්තියක් ගත කර ඇති අතර මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් ඇති විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙස ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනා ගෙන ඇත. ඔහු ලේඛකයෙකි.
ප්රමුඛ පෙළේ දේශීය මාධ්‍ය ඡායාරූප දායකයෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි, ගෝලීය රොයිටර් ප්රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකා පුවත්පත් කලාවට ඩිජිටල් ඡායාරූපකරණය හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ඇත.