2026 මාර්තු 27 සිකුරාදා, 07:58
නවතම පුවත්

ලංකාවන් අලුත් මකුළුවෝ හයක් -තුන්දෙනෙක් ‘සිළිඳු’ ‘හින්නිහාමි’ ‘පුංචිමැණිකේ’ ලෙස නම්කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් විසින් Palp-footed වර්ගයේ නව මකුළුවන් හයදෙනෙකු සොයාගෙන තිබේ.

එම මකුළුවන්ගෙන් තිදෙනෙකු නම් කර ඇත්තේ මෙරට දිළිඳු ගැමි ජනජීවිතය අලලා ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ප්‍රකට නව කතාවක් වන ”Village in the Jungle” නමැති කෘතියේ එන ප්‍රධාන චරිත කිහිපයක නම් භාවිතයෙනි.

එම කෘතිය පසුකාලීනව ‘බැද්දේගම’ ලෙසින් සිංහලට පරිවර්තනය කෙරිණි.

ඒ අනුව අලුතින් සොයාගැනුණු එක් මකුළුවෙක් ”පැල්පිමනුස් සිළිඳු” (Palpimanus silindu) ලෙස නම්කර ඇති අතර, ඒ එම නවකතාවේ ප්‍රධාන චරිතය වන සිළිඳුට උපහාර දැක්වීමක් ලෙසයි.

සිළිඳු යනු කැලේ දඩයම් කිරීමෙන් දිවි ගලවා ගන්නා ගොවියෙකි. සිළිඳුගේ චරිතය මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවක් ඇති මෙම මකුළුවා නොපෙනී සැඟවී සිටින නමුත් පරිසර පද්ධතියට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ලබයි.

නවකතාව බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රමයේ දුප්පත්කම, රෝග, මිථ්‍යා විශ්වාස සහ දූෂණය පිළිබඳ කටුක යථාර්ථයන් ගවේෂණය කරයි.

සමාජයේ නපුරුකම්වලට ගොදුරු වන සිළිඳුගේ දියණියන් වන පුංචිමැණිකාගේ සහ හින්නිහාමිගේ නම්වලින් පිළිවෙළින් අනෙක් මකුළුවන් දෙදෙනා Steriphopus punchimenikae සහ Steriphopus hinnihamiae ලෙසින් නම්කර ඇත.

The Village in the Jungle 1931 දී ප්‍රකාශයට පත් කරන ලද අතර A. P. ගුණරත්න විසින් ‘බද්දේගම’ ලෙස සිංහලට පරිවර්තනය කරන ලදී. 1980 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම කතාව එම නමින්ම චිත්‍රපටයක් නිර්මාණය කළේය.

“වුල්ෆ්ගේ ලිවීම විචිත්‍රවත් ලෙස වනාන්තරයට ජීවය ගෙන දෙයි. දරිද්‍රතාවයෙන් පෙළෙන ගැමියන් මුහුණදෙන අරගල පිළිබඳ ඔහුගේ ගැඹුරු අවබෝධය ඔහුගේ නවකතාවට අව්‍යාජත්වය ලබාදෙයි. එබැවින් මෙම මකුළුවන් එහි චරිත ලෙස නම් කිරීමෙන් ඔහුගේ කෘතියට ගෞරව කිරීමට මට අවශ්‍ය විය,” යනුවෙන් මහාචාර්ය බෙන්ජමින් ”the Sunday Times” වෙත පවසා තිබේ.

සිව්වැනි මකුළුවා, Steriphopus woolfi ලෙස නම් කර ඇති අතර ඒ කතුවරයාට උපහාරයක් ලෙසයි.

අනෙක් මකුළුවන් දෙදෙනාගෙන් එකෙකු එම සතුන් සොයා ගත් රිටිගල ප්‍රදේශය අනුව Steriphopus ritigalensis ලෙස නම් කරන හයවැන්නා S. spiralus ලෙස නම්කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories