2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:41
නවතම පුවත්

‘ලයිකා දේපළ’ රජයට පවරාගන්නැයි ගොනුකළ පෙත්සම විභාගයට සුප්‍රීම් උසාවිය දින දෙයි

ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, එම සමාගම විසින් මෙරට අත්පත් කරගෙන තිබෙන දේපල යළි රජයට පවරා ගන්නා ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීම සඳහා මාර්තු මස 27 වැනිදා එම පෙත්සම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 20වැනිදා නියෝග කළේය.

මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකාරණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලි සන්දේශ නියාමන කොමිසම, විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුව, අල්ලස් කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කරු කියාසිටින්නේ, ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ඊඒපී මාධ්‍ය ජාලය ඇතුළු ජනමාධ්‍ය ආයතන කිහිපයක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන තිබෙන බවයි.

එම ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේදී අදාළ සමාගම මෙරට නීතිය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.

මෙම වගඋත්තරකාර සමාගමේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව, අදාළ සමාගම විසින් අත්පත් කරගෙන තිබෙන මෙරට දේපළ රජයට පවරාගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනීසිටින අතර, වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටිති

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories