නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් රුමේනියාවේදී පැවත් වුණූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ය.
නේටෝ සාමාජික රටවල් කිහිපයක හමුදාවල සහභාගීත්වයෙන් පසුගියදා රුමේනියාවේ දී දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වුණි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30 ඉක්මවා ගොස් තිබේ.
මෙම යුද අභ්‍යාසය නම් වුණේ Steadfast Dart 2025 නමින්. මේ යුද අභ්‍යාසයට හමුදා ඛණ්ඩ දහස් ගණනක් එක්කර තිබුණි.
ඒ බල්ගේරියාව, ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව, තුර්කිය සහ එක්සත් රාජධානිය නියෝජන කරමිනි.
නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් ය. එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ දැවැන්තම යුද අභ්‍යාසයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි. නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසයේ නිරත වුණේ අමෙරිකාව සමග පවතින සබඳතා පළුදු වෙමින් පවතින පසුබිමක ය. යුුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවල දී නේටෝ සංවිධානය පිළිබඳවත් විවිධ මත පළවුණි.
පෝලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබුණේ අමෙරිකාව සෑම විටම නේටෝ සංවිධානයට සහාය දක්වන බව තහවුරු කළ නොහැකි බවය.