ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙකු සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ඉරාක රජයේ ආරක්ෂක මාධ්‍ය අංශය පැවසුවේ දියත් කිරීමට සූදානම් කර තිබූ රොකට් 8ක් සහිත ට්‍රක් රථයක් එරට හමුදා භාරයට ගෙන ඇති බව සහ හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.