රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.
එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු වේ. එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා වී බවයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබුණි. මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කෙටිකාලීන ව්‍යාපෘතියක් නොව එය දීර්ඝ කාලීනව සමස්ථ ජන සමාජයම ඒකරාශිකරගත් ව්‍යාපෘතියක් බවයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් පිරිසක් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.