2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:37
නවතම පුවත්

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ – අගමැති හරිනි

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි යනුවෙන් අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී කියයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත්ය.

විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවේ,

ජාතික පාසල් සහ පලාත් පාසල් වල පවතින පුරප්පාඩු අනුව පලාත් සහ ජාතික පාසල් වලින් අතිරික්ත ගුරුවරු තාවකාලිකව අනියුක්ත කරන්න කියලා මේ වන විට ලිපියකින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.

ඉදිරියේදී විෂයන් අනුව තිබෙන පුරප්පාඩු අනුව ඒ ඒ පුරපුපාඩු පුරවන්න අපි කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට සියලු විෂයන් සඳහා තිබෙන ගුරු පුරප්පාඩු පුරවන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගුරු මාරුවීම් සිදු කරන්නේ වෘත්තිය සමිති වලින් නෙවෙයි ගුරු මාරු මණ්ඩලයෙන්, ඒ මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති වල නියෝජනයක් තියෙනවා. ගුරුමාරුවීම් මෙච්චර වියවුල් වෙලා තියෙන්නේ පසුගිය කාලවල සිදු වූ දේශපාලන බලපෑම් නිසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ, අවුරුදු ගණනාවකින් ගුරු මාරු මණ්ඩලය දේශපාලන අතපෙවීමකින් තොරව ස්වාධීනව මෙවර සිද්ධ කරන්න පුලුවන් වුණා කියලා. ඒ මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ගුරු මාරුවට බලපෑම් නොකළ නිසා කියලා ඔවුන් පැවසුවා.

තම ස්ථාවරය ගුරු මාරු සිද්ධ විය යුත්තේ ගුරු මාරු මණ්ඩලයෙන් ම බවත්, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories