පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධි විධාන පනත අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කරනවා.
ඒ අනුව එහි 2 වැනි සහ 3 වැනි වගන්ති පාර්ලිමේන්තු විශේෂ බහුතරයකින් සම්මත කරගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දැනුම් දී තිබුණා.