2026 ජූලි 29 බදාදා, 15:37
නවතම පුවත්

අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අශෝක රන්වල කියයි

තම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල, එම ඉල්ලීම් හුදු දේශපාලන උපක්‍රම පමණක් බව ප්‍රකාශ කර තිබේ.

බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තුවට සහතික ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ප්‍රශ්න කළ අතර, එය ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බව ද පවසයි.

“පාර්ලිමේන්තුවේ සහතික ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවාද? එවැනි සම්ප්‍රදායක් තිබෙනවද? මේවා ලාභ උපක්‍රම. ඊට වඩා වැදගත් වැඩ අපි පාර්ලිමේන්තුවේ කරනවා” යැයි පැවසූ අශෝක රන්වල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.

අශෝක රන්වල මීට මාස දෙකකට පෙර කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතුවූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.

තමන්ට එල්ලවන චෝදානා ප්‍රතික්ෂේප කරන අශෝක රන්වල ජපානයේ Waseda විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයකින් සම්පූර්ණ කළ ඔහුගේ ආචාර්ය උපාධිය තහවුරු කිරීමට අවශ්‍ය ඇතැම් ලියකියවිලි දැනට නොමැති බව ද පිළිගත්තේය.

සිය ඉල්ලා අස්වීම ගැන අදහස් පළකරමින් ඔහු පවසන්නේ, තමාට දේශපාලනය යනු කිසිවිටෙක තනතුරු ලබාගැනීම නොවන බවයි.

“පෞද්ගලිකව අපට එන ඕනෑම අභියෝගයකදී අපි මුල්තැන දෙන්නේ රට සහ ජනතාවයි. ඒක තමයි අපේ දේශපාලනය” යැයි පවසන ඔහු, ජනතාව වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් බවද පවසයි.

ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව තුළ ඇති වූ සැකය වැළැක්වීම සඳහා තමන් කථානායක ධූරයෙන් ඉවත් වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories